මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට

November 21, 2020 at 9:09 pm | LankaTAB
මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට

විල්පත්තු රක්ෂිතය ආශ්‍රිත කල්ලාරු වනාන්තරය එළිකිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව තමා ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පාස්කු කොමිසමට සාක්ෂි ලබා දෙන අතර කොමිසම යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මන්ත්‍රිවරයා මෙලෙස පිළිතුරු ලබාදුන් පාස්කු ජනාධිපති කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයෙකු, කල්ලාරු රක්ෂිතයේ නඩු තීන්දුව ලබාදුන් අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල නියෝජනය කළ විනිසුරුවරු දෙදෙනාම වීම විශේෂත්වයකි.

Leave a Comment

Related News