මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ වාහන ධාවනය අද සීමා කෙරේ.

November 22, 2020 at 9:35 am | LankaTAB
මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ වාහන ධාවනය අද සීමා කෙරේ.

අපවත් වී වදාළ රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය පවත්වන කුණ්ඩසාලේ ප‍්‍රදේශ කිහිපයක් ආශි‍්‍රතව වාහන ගමන් කිරීම සීමා කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද දවල් 12 සිට ආදාහන පූජෝත්සවය අවසන් වන තෙක් මහියංගනය කුණ්ඩසාලේ නත්තරම්පොත 621 හන්දියෙන් සහ දිගන නගරයෙන් වාහන ගමනා ගමනය සීමා කෙරෙන බවයි.

එමනිසා විකල්ප මාර්ග ලෙස මහියංගනය, හසලක දෙසින් මහනුවර දෙසට ධාවනය වන වාහන දිගන නරගයෙන් හරවා මැණික්හින්න ,පොල්ගොල්ල මාර්ගයෙන් මහනුවර දෙසට ධාවනය කළ යුතුය බවයි.

මහනුවර සිට හසලක,මහියංගනය දෙසට ධාවනය වන වාහන කුණ්ඩ සාලේ නත්තරම්පොත 621 හන්දියෙන් හරවාල යක්ගහපිටිය, කිරිමැටිය, මැණික්හින්න නගර හරහා දිගන නගරය වෙත ගොස් මහියංගණය ප‍්‍රධාන මාර්ගයට පිවිසිය හැකි බව පොලීසිය පවසයි.

Leave a Comment

Related News