මහේලගේ මඟ පෙන්වීමෙන් Mumbai Indians නැවතත් IPL කිරුළ දරයි
මහේල ජයවර්ධන පුහුණුකාරිත්වය හොබවන Mumbai Indians කණ්ඩායම මෙවර පස්වන වරටත් IPL ශූරතාවයට උරුමකම් කීවා. ඒ Delhi Capitals කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් උදාකර ගනිමින්.
කාසියේ වාසිය හිමිකරගත් Delhi Capitals කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 7කට ලකුණු 156 ක් ලබාගත්තා. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 4කදී එම ඉලක්කය පසුකර කිරුලේ උරුමය උදාකර ගත්තා.
මුම්බායි පිලේ නායකත්වය රෝහිත් ෂර්මා දැරූ අතර Delhi Capital කණ්ඩායම ශ්රියස් අයියර්ගේ නායකත්වයෙන් තරඟ බිමට පිවිසියා.