මාර්ගවල ධාවන තරග පවත්වන පුද්ගලයින් සොයා අද සිට විශේෂ මෙහෙයුම්
ප්‍රධාන මාර්ග වල සහ අතුරු මාර්ගවල අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරන පුද්ගලයින් සොයා අද සිට විශේෂ මෙහෙයුම් පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශකලා.
අධිකවේගයෙන් ධාවනය කරනු ලැබු යතුරු පැදියක ගැටී මොරටුව-එගොඩ උයන ප්‍රදේශයේ දී දැරියන් දෙදෙනෙකු මිය ගොස් ගැබිණි මවක්ට බරපතල තුවාල සිදුකිරීම සහ ඇයගේ කලලය විනාශවීමේ සිද්ධිය මුල්කරගනිමින් මෙලෙස වැටලීම් සිදුකරන බව ඔහු කියා සිටියේය.
මේ අතර ඊයේ දිනයේදී කිඹුලාවල ප්‍රදේශයේ එලෙස යතුරුපැදි තරගයක් පැවැත්වීමට සූදානම් කර ඇතිබවට ලද තොරතුරුකට අනුව සිදුකළ වැටලීමකදී යතුරු පැදි 24 සමග තරුණයින් පිරිසක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමන් පැවසුවේ.
එමෙන්ම ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට ද කටයුතු සූදානම් කර තිබෙනවා.
ඉදිරියේදීද මෙවැනි තරග පවත්වන අය අත්අඩංගුවට ගන්නාබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමන් වැඩිදුරටත් පවසා සිටියේය.