මෙරටින් තවත් Covid-19 ආසාදිත මරණ දෙකක්…

November 11, 2020 at 4:27 pm | LankaTAB
මෙරටින් තවත් Covid-19 ආසාදිත මරණ දෙකක්…

තවත් Covid-19 මරණ 02 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට ටික වේලාවකට පෙර නිවේදනය කළා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ Covid-19 සමස්ත මරණ ගණන 44 ක් දක්වා ඉහළ යනවා.

මියගොස් ඇත්තේ කොළඹ 11 පදිංචි වයස අවුරුදු 40 පුද්ගලයෙකි. කොලඹ ජාතික රෝහලට ඇතුළත් කරන විට මියගොස් සිට ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ Covid-19 ආසාදනය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බවයි.

මීට අමතරව මිය ගිය අනෙක් පුද්ගලයා කැලණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ක පිරිමි පුද්ගලයෙක්. ඔහු 2020 11 01 දින සිට හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ Covid-19 ආසාදන උත්සන්න වීම නිසා ඇති වූ හෘදයාබාධයක් බවයි.

Leave a Comment

Related News