මෝටර් රථ ආනයනය කිරීම සම්බන්ධව මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් පණිවුඩයක්..

November 18, 2020 at 3:58 pm | LankaTAB
මෝටර් රථ ආනයනය කිරීම සම්බන්ධව මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් පණිවුඩයක්..

වාහන ආනයනට පනවා ඇති සීමා කිසිසේත්ම ලිහිල් කිරීමට බලාපොරොත්තු නොවන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා පවසයි.

“දැනට, වාහන පිටරටින් ගේන්න අවසරදීම ගැන තීරණයක් අරන් නෑ. පැහැදිළිවම වාහනයක් ද මුළු රටක්ද කියලා තමයි අපි බලන්නේ. අපිට මේ මාස 10ක් විතරම විනිමය අනුපාතය 185 ලෙවල් එකේ තියාගන්න පුළුවන් වුණා. වාහන ගේන්න ඉඩ දුන්නා කියලා කියන්නේ මේක යනවා. මේ රටේ එකලස් කරනවා නම් අපි ඕනම සහයෝගයක් දෙනවා. මෝටර් බයිසිකලයක් හරි එකලස් කරනවා නම් ඒක මේ රටේ ආර්ථිකයට එකතු කරනවා අගයක්. ආනයනය නවත්වනවාම කියලා නෙමෙයි මම මේ කියන්නේ. එහෙම එක්ක බෑ. අපි කරන්නෙත් නෑ. සමහර නිෂ්පාදනවලට අමුද්‍රව්‍ය පිටරටින් ගේන්න වෙනවා. ඒක කරනවා. සමහර නිමි භාණ්ඩ අපි ගේන්නේ නෑ. කහ ගේන්නෙත් නෑ,” ලෙස ඔහු සඳහන් කරයි.

ලබන වසර සඳහා ඉදිරිපත්කර ඇති අයවැය, ආර්ථිකය ප්‍රසාරණය කිරීමට ඉඩ සලසමින් සියලුම ජනතාව එක්ව සංවර්ධනය කරා යොමුකරවීම ඉලක්ක කර ගනිමින් සාදන ලද්දක් වන බවද මහා භාණ්ඩාගාරයේ සහ මුදල් අමාතංශයේ ලේකම් එස්.ආර් ආටිගල මහතා තව දුරටත් පැවසුවා.

Leave a Comment

Related News