මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය සහ තවත් දිස්ත්රික් කාර්යාල කිහිපයක් හෙට සිට විවෘත වේ.
හෙට සිට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය සහ යාපනය, අනුරාධපුරය, කුරුණෑගල, ගම්පහ සහ හම්බන්තොට යන දිස්ත්රික් කාර්යාල ද විවෘත කෙරෙන බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා.
මෝටර් වාහන පැවරීම ඇතුළු ප්රධාන කාර්යාලය මගින් සපයන සේවාවන් රැසක් එම කාර්යාල හරහා ලබා ගැනීමට සතියේ දිනවල පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ අදාල කාර්යාල ඇමතීමෙන් කල්වේලා ඇතිව දිනයක් සහ වේලාවක් වෙන් කර ගත යුතු වන බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව සදහන් කළා.