යාපනය උසාවියෙන් වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නිකුත් කළ සිතාසිය අභියාචනාධිකරණය බල රහිත කරයි.

November 25, 2020 at 8:09 am | LankaTAB
යාපනය උසාවියෙන් වත්මන් ජනපති  ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නිකුත් කළ සිතාසිය අභියාචනාධිකරණය බල රහිත කරයි.

ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් යන යාපනය ප‍්‍රදේශයේ පදිංචිව සිටි ප‍්‍රකට සමාජ ක්‍රියාකාරීන් දෙදෙනාගේ  අතුරුදන් වීම සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට පැමිණෙන ලෙස  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යාපනය මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ සිතාසිය අභියාචනාධිකරණය ඊයේ (24 දා) බලරහිත කළ ඇත .

2011 වසරේදී සිදුවී ඇතැයි කියන එම අතුරුදන්වීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නියෝගය පරිදි යාපනය මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් හබයාස් කෝප‍්‍රස් පරීක්ෂණයක් ආරම්භ කොට තිබූ අතර එම පරීක්ෂණය සඳහා සාක්ෂි ලබාදීමට පැමිණෙන ලෙස දන්වා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට යාපනය මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් සිතාසි නිකුත් කොට තිබිණි.

පසුගිය ජනාධිපතිවරණයට මාස කිහිපයක් තිබියදී නිකුත් කොට තිබූ එකී සිතාසියට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කර තිබූ පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව අභියාචනාධිකරණයේ සභාපති ඒ. එච්. එම්. ඞී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල විසින් ඊයේ (24 දා) නිකුත් කර ඇත.

Leave a Comment

Related News