ලංකාවේ පවතින වත්මන් කොරෝනා වෛරසයෙන් බේරෙන්න දුර දෙගුණයක් විය යුතුයි – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින කොවිඩ් -19 වෛරසයේ ක්‍රියාකාරිත්වය නිරික්ෂණයේදී සමාජ දුරස්ථභාවය මීටරයකට වඩා වැඩි පරතරයක පවත්වා ගැනීම සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යාංයශයේ මධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ මීටර් එකහමාරක හෝ දෙකක දුරස්ථභාවයක් තබා ගැනීමට දැන් සමාජයට සිදුව ඇති බවයි.
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කලේ “අලුත් වෛරස් ප්‍රභේදයෙන් වැලකීම සඳහා දුරස්ථභාවය දැන් මීටර් එකහමාරක් දෙකක්වත් වෙන්න ඕනේ කියලා තමයි විශේෂඥවරු කියන්නේ. දෙයියන්ගෙ ලෙඩ හැදුනා වගේ වෙන්වෙලා ගෙදර ජීවත් වෙනවා නම් කොවිඩ් අනෙක් අයට බෝ වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. මානව ප්‍රජාවගේ හැසිරීම තමයි කොවිඩ් පැතිරීම කොහොමද වෙන්නෙ කියලා තීරණය කරන්නේ. මේ රෝගය පැතිරීම වැළැක්වීමේ ප්‍රධාන කාර්ය තියෙන්නේ මහජනතාව වන ඔබත් මමත් අතරයි” යනුවෙනුයි.