වනජීවී නිලධාරීන් හැසුරුණු ආකාරය අනුමත කළ නොහැකියි. ඒක මාධ්‍ය සංදර්ශනයක්..

පසුගියදා සිදුවූ සිදුවීමේ දී, වනජීවී නිලධාරීන්, වනජීවී රාජ්‍ය ඇමති විමලවීර දිසානායකට එරෙහිව සිදුකළ හැසිරීම අනුමත කළ නොහැකි බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
තමන්ට අවශ්‍ය ආකාරයට නීතිය ක්‍රියාත්මක කරමින් සිටි වනජීවී නිලධාරීන් එම මොහොතේ සිදු කළේ මාධ්‍ය සංදර්ශනයක් බවත්, විමලවීර දිසානායක මහතා ඔවුන් සමග කිසිදු ආකාරයක ගැටුමකට නොගිය බවත් රොෂාන් රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
පාර්ලිමේන්තුවේ සිදු වූ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
මෙම අදහස් දැක්වීමත්, ඊට පාදක වූ සිදුවීමත් පහතින් නරඹන්න