විශේෂඥ වෛද්‍යවරු 89 දෙනෙකුගේ හිගයක්.

November 24, 2020 at 2:26 pm | LankaTAB
විශේෂඥ වෛද්‍යවරු 89 දෙනෙකුගේ හිගයක්.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ තනතුරු 89 ක් පුරප්පාඩුව පැවතීම හේතුවෙන් ගැටලු රැසක් උද්ගත වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

ඔවුන් පෙන්වාදෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ගෙන ඇති අනවශ්‍ය පියවර 3ක් මීට හේතුවි ඇති බවයි .

විශේෂඥ වෛද්‍යවරුන්ගේ පත්කිරිම් ආකාර දෙකකට සිදුකළද එය එකම ලැයිස්තුවකින් එවන ලෙස කොමිසම ඉල්ලා තිබිම ගැටලුවක් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වාදෙනවා.

එමෙන්ම පුරප්පාඩු ලැයිස්තුව තුළ අනුමත කළ හැකි තනතුරු අනුමත නොකිරිමත් මාරු කිරිම් සම්බන්ධයෙන් වෙනත් කමිටුවක් පත්කිරිමත් හේතුවෙන් ගැටලු මතුවි ඇති බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Comment

Related News