ශල්‍ය මුහුණු ආවරණ (Surgical mask) සියල්ල රට තුළම නිෂ්පාදනයට

November 19, 2020 at 4:20 pm | LankaTAB
ශල්‍ය මුහුණු ආවරණ (Surgical mask) සියල්ල රට තුළම නිෂ්පාදනයට

වර්තමාන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඉල්ලුම ඉතාම ඉහළ ගිය ශල්‍ය මුහුණු ආවරණ (Surgical mask) සියල්ල මෙරට තුලදීම නිෂ්පානය ආරම්භ කිරීමට කටයුතු සුදානම්ව පවතිනවා. ශ්‍රී ලංකාවේ දිනකට ශල්‍ය මුහුණු ආවරණ පරිභෝජනය ලක්ෂ පහළොවක් පමණ වන අතර මේ වන තෙක් මෙම මුහුණු ආවරණ චීනය සහ තවත් රටවල් කිහිපයකින් ආනයනයට සිදු කරමින් තිබුනා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ දී ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී මේ බව අනාවරණය විය. KN95 වර්ගයේ මුහුණු ආවරණ ද රට තුළ නිෂ්පාදනයට ඉදිරි සති කිහිපයේදි පියවර ගැනෙනු ඇත.

ශල්‍ය මුහුණු ආවරණයක් රැ.15 ක උපරිම සිල්ලර මිලකටත් KN95 මුහුණ ආවරණයක් රුපියල් 100 උපරිම සිල්ලර මිලකටත් ලබාදීමට, මුහුණු ආවරණ නිෂ්පාදකයන් සහ ආනයනකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම රැස්වීමේ දී එකඟතාවක් ඇති වුනා.

වෛද්‍ය සැපයුම් ඒකකය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය යන ආයතන ප්‍රධානීන් ද සහභාගී වූ මෙම සාකච්චාවේදී, පාලන මිලට මුහුණු ආවරණ ආවරණය ලබා දෙන්නේ ද යන වගත්, මුහුණු ආවරණවල ප්‍රමිතිය පිළිබඳවත් නිරතුරුව සොයා බලන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා.

Leave a Comment

Related News