ශ්‍රී ලංකාවට කොරෝනා එන්නතක් ලබා දීමට සූදානම් – ලෝක සෞඛ්‍ය සංවිධානය
මෙරට ජනගහනයෙන් සියයට විස්සකට කොවිඩ් සඳහා වූ එන්නතක් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වූ බව එම සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය Razia Pendse මහත්මිය පවසයි.
ඇය මෙලෙස පවසා ඇත්තේ කොවිඩ්-19 රෝගය වැළැක්වීම සම්බන්ධයෙන් අද සෞඛ්‍ය අමාත්‍යංශයේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදීය. මීට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාද සහභාගී වී සිටියහ.