සමඟි ජනබලවේගයෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්
කොරෝනා ව්‍යසනය හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව තොරතුරු ලබා ගැනීමත්, එම ගැටලු උදෙසා පිළිබඳව අදාල බලධාරීන්ගේ සහ පාර්ශ්වයන්ගේ අවධානය යොමු කරවීමත්, හැකි පමණ එම ගැටලු විසදාගැනීමට සහාය වීමත් යන අරමුණු ඇතිව සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරුන්ගේ සක්‍රීය මැදිහත්වීම මත ස්ථාපිත කළ ‘විශේෂ මෙහෙයුම් මැදිරිය’ අද (17) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
117701300 දුරකථනය හරහා ජනතාවට සිය ගැටලු ඉදිරිපත් කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා.