හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා නැවතත් Covid-19 සටනට
පරිසර අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කර තිබෙන හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා නැවතත් කොරෝනා මර්ධන වැඩසටහන සදහා සම්බන්ධ කරගැනීමට සුදානම් බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළා.
අනිල් ජාසිංහ මහතාට පරිසර අමාත්‍යංශ ලේකම්වරයා ලෙස ලබාදී ඇත්තේ උසස් වීමක් බවත් අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැත්වෙන කොරෝනා මර්දනය සම්බන්ධයෙන් වූ රැස්වීම් වලට ඒ මහතා සහභාගි කරවා ගන්නා බවත් අද පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තව දුරටත් සඳහන් කළා.