2021 අය වැය ප්‍රකාශය (updates)
2021 අය වැය ප්‍රකාශයේ අඩංගු කරුණු ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මේ මොහොතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටී.
අඩු සහ මැදි ආදායම් ලාභීන් සඳහා නව නිවාස පනස් දහසක් – නිවාස මිලදී ගැනීම සඳහා සහන පොලියට ණය යෝජනා ක්‍රමයක්
———————————–
අලි වැට සහ අගල් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 3000 ක්
———————————–
කාන්තාවගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 60 දක්වා දීර්ඝ කෙරේ
———————————–
ස්වයං රැකියාවල නියුක්ත වූවන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක්
———————————–
ජනවාරි මාසයේදී සමාගම් පනතට සංශෝධනයක්
———————————–
වාහන අමතර කොටස් සඳහා ආනයන බදු අඩු කිරීමට යෝජනා
———————————–
මැණික් අපනයනයේදී වසර තුනක අපනයන බදු විරාමයක්
———————————–
සංචාරක ක්ෂේත්රය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ලබාදුන් ණය නැවත ගෙවීමේ කාලය 2021 සැප්තැම්බර් 30 දක්වා දිර්ඝ කෙරේ
———————————–
මෙගාවොට් 300 ගල් අඟුරු බලාගාරයක් සහ මෙගාවොට් 600ක ස්වභාවික වායු බලාගාරයක් කඩිනමින් ඉදිකරනවා
———————————–
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ජනවාරි මාසයේ සිට රුපියල් 1000 දක්වා ඉහළ නංවනවා
———————————–
අක්කර 6500ක කජු වගා කිරීමට පියවර
———————————–
දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථාන සංවර්ධන සඳහා රුපියල් මිලියන 250ක්
———————————–
සෑම දිස්ත්‍රික්කයකම නගර විශ්ව විද්‍යාල ඇති කිරීම සඳහා රු.මි.1000 ක්
———————————–
වෘත්තීය අධ්‍යාපන ලබන සිසුන් සඳහා මසකට රු. 4000 ක දීමනාවක්
———————————–
ත්‍රිපෝෂ නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා අමුද්‍රව්‍ය ලබාගැනීමට රු.මි. 1500 ක්
———————————–
සේවක සංඛ්‍යාව 50ට වැඩි කර්මාන්ත සහ ව්‍යාපාරවල සේවකයින්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා
———————————–
ගාල්ල, කුරුණෑගල, මඩකලපුව, අනුරාධපුර සඳහා නව තාක්ෂණ උද්‍යාන 05ක් ඇති කරනවා
———————————–
දේශීය සමාගම් කොටස් වෙළදපොළ තුළ ලැයිස්තුගත කිරීම දිරිගැන්වීම
2020 12 31 ට පෙර ලියාපදිංචි කරන සමාගම් සඳහා 50% ක ආදායම් බදු සහන
———————————–
දුෂ්කර පාසල්වල දුරස්ථ අධ්‍යාපනය ඉහළ දැමීම සඳහා රූපවාහිනි යන්ත්‍ර
———————————–
තාක්ෂණ ක්ෂේත්රය පුළුල් කිරීම සඳහා රු.මි. 8000 ක මුදලක් වෙන්කරනවා
———————————–
බුද්ධිමය දේපළ හා දත්ත ආරක්ෂා කිරීම වෙනුවෙන් නව නීති
———————————–
නිත්‍ය නිවාස වෙළෙඳපොළ දිරිගැන්වීම සඳහා ආදායම් බදුවලින් නිදහස්
———————————–
ඉදිරි 05 වසර තුළ කෘෂිකර්ම, සත්ත්ව හා ධීවර ක්ෂේත්රයන් ආදායම් බදුවලින් නිදහස් කෙරේ
———————————–
අසත්‍ය බදු වාර්තා සකස් කරන්නන්ට එරෙහිව නව නීති
———————————–
නිත්‍ය නිවාස වෙළඳපොල දිරිගැන්වීම සඳහා ආදායම් බදු වලින් නිදහස්
———————————–
රාජ්‍ය ණය 90% සිට 70% දක්වා පහතට ගෙන ඒමට අපේක්ෂා කරනවා.
———————————–
විනිවිදභාවයෙන් යුතු කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කරනවා
———————————–
ආනයන මත පදනම් ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීම අවශ්‍යයි
———————————–
විශේෂ බදු අභියාචනා උසාවියක් පිහිටුවීමට යෝජනා
———————————–
ජාතිය ගොඩනැගීමේ බද්ද ගෙවීමේදී සහන ක්‍රමයක් යෝජනා කරනවා.
———————————–
වැට් බද්ද නොවෙනස්ව පවත්වාගෙන යනවා.
———————————–
දේශීය ආදායම් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයට වැඩි වශයෙන් යොදවනවා