2021 විසර්ජන පනත් කෙටුම්පත (අයවැය කථාව) දෙවෙනි වර කියවීමේ දී ඉදිරිපත් කළ යෝජනාවලිය
– වතු කම්කරු දෛනික වැටුප 2021 ජනවාරි සිට රුපියල් 1000 දක්වා ඉහළට
– රාජ්‍ය ආයතනවල වාහන අලුත්වැඩියා කිරීමට ආයෝජනය කරන්නන්ට බදු සහන.
– රාජ්‍ය සේවකයන්ට සේවා අවශ්‍යතා මත වෙනත් රාජ්‍ය ආයතනවලට අනුයුක්ත වීමට හැකිවන ලෙස මුදල් පනත සංශෝධනය වේ.
– රාජ්‍ය සේවක විදුලි බිල්පත අඩු කිරීම සඳහා සූර්ය විදුලි බල පහසුකම ලබා ගැනීමට ණය පහසුකම් ලබා දේ.
– මාණ්ඩලික නොවන රාජ්‍ය සේවකයන්ට රාජකාරී වේලාවෙන් පසුව වෙනත් රැකියාවක නිරත වීමට හා විදේශ රැකියා සඳහා වසර දෙකක නිවාඩු අනුමත කරනවා.
– රජයේ සේවක නිවාස ණය පොලී අනුපාතය 7% දක්වා අඩු වේ.
– කාන්තා සහ පිරිමි විශ්‍රාමික වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කෙරේ.
-2020 හඳුන්වා දුන් සරල බදු ක්‍රමය නො වෙනස්ව ඉදිරි වසර පහට ම ක්‍රියාත්මක වේ.
– ප්‍රාදේශිය සභාවල කැලි කසළ කළමනාකරණයට රුපියල් මිලියන 3000 ක් වෙන් කිරීමට පියවර.
– සතොස සුපිරි වෙළදසැල් ජාලය නාගරික සහ අර්ධනාගරික ප්‍රදේශවලට පුළුල් කිරීමට පියවර.
– රාජ්‍ය සේවකයින්ට පත්වීම් හා ස්ථාන මාරුවීමේ දී තම ගම් ප්‍රදේශයන්ට යොමු කිරීමට පියවර.
– නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 20 000ක් වෙන් කෙරේ.
– බැංකු හා මුල්‍ය පද්ධතිය ප්‍රතිසංස්කරණයට සහ විදේශ ඉපැයිම් වැඩි කිරීමට යෝජනා කරනවා.
– බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණයට සහ ශක්තිමත් ව්‍යුහයක් ඇති කිරීමට නව නීතී සම්පාදන කරනවා.
– ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ ශ්‍රමිකයින් වෘත්තීය පුහුණු ආයතනවලින් ලබා ගැනිමට පියවර.
– වාහන අලුත්වැඩියාවට සහ එකලස් කිරීමට අවශ්‍ය අමතර කොටස් ආනයනයට බදු සහන.
– ආසියා පැසිෆික්, බටහිර රටවල්වල ව්‍යාපාරික අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමටත් ඒ සඳහා ඇති බාධා ඉවතට.
– කොසු, ඉදල්, පාපිසි, පොල් ආශ්‍රීත කර්මාන්ත ඇතුළු කර්මාන්ත ගෘහස්ත කර්මාන්ත ලෙස දියුණු කිරීමට යෝජනා කරනවා.
– ඛණිජ වැලි, පොස්පේට් ඉහළ වටිනාකමින් යුක්ත ලෙස නැනෝ තාක්ෂණය භාවිත කර ඒවා දියුණු කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 2000 ක් වෙන් කෙරේ.
– මැණික් අපනයනයේ දී වසර තුනක අපනයන බදු විරාමයක්.
– දේශිය නිෂ්පාදන , කෘෂි ද්‍රව්‍ය හැර සෙසු කෘෂි භාණ්ඩ ආනයනයේ දී විශේෂ ආනයන බද්දක්.
– ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සූරියවැව ප්‍රදේශයට නවීන ක්‍රීඩා නගරයක් නිර්මාණය කරනවා.
– දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථාන දියුණුව සඳහා රුපියල් මිලියන 250ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා.
– පුනර්ජනීය බල ශක්තිය මෙගාවොට් 1000 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා.
– 2021-2023 අතර මෙගාවොට් 1000ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කරනවා.
– වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා.
– වැවිලි කේෂ්ත්‍රයේ සංවර්ධන කටයුතුවලට රුපියල් මිලියන 200 ක් වෙන්කරනවා.
– පොහොර නොමිලේ ලබා දීමටත් අනෙකුත් වගාවන් සඳහා රුපියල් 1500 කට පොහොර ලබා දීමට සැලසුම් කරනවා.
– කහ, ඉඟුරු ආනයනය මුළු මනින්ම තහනම් කරනවා.
– පොල් රබර් වතුවල කහ ඉඟුරු වගා ආධාර ක්‍රමයක් යෝජනා කරනවා.
– පුහුණු ශ්‍රමියන් රට යැවීමටත් විදේශ රැකියා පිටත්ව යන අයට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමටත් යොජනා කරනවා.
– බිජ පොහොර ලබා දීමට ප්‍රතිපාදන සකස් කරනවා.
– වගා නො කරන පුරන් කුඹුරු වගා කිරීමට කටයුතු කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය පවරනවා.
– වෘත්තීය අධ්‍යාපනයෙන් පසු පුහුණු වූ තරුණ තරුණියන් විදේශ රැකියා අමාත්‍යංශය හරහා විදේශ රැකියා සඳහා යොමු කිරීමට යෝජනා කරනවා.
– විෂය නිර්දේෂ පුළුල් කිරීම සියලු අධ්‍යාපන ආයතන ජාතික ප්‍රතිපත්තියක් තුළ නියාමනය කරනවා.
– ළදරුවන් හා මව්වරුන් වෙනුවෙන් නිෂ්පාදනය කරන ත්‍රිපෝෂ බෙදා හැරීම පුළුල් කිරීම සඳහා තවත් මිලියන 1500 ක් වෙන් කරනවා.
– ඩිජිටල් ශ්‍රීලංකාවක් ඇති කිරීම රජයේ දැක්ම වන අතර 100%ක් 4G ආවරණය ලබා දීමට උදෙසා ගමට සන්වේදනය වැඩ ක්‍රියාත්මක කිරීමට මිලියන 15,000 ක් ආයෝජනයක් කිරීමට සැලසුම් කර තිබෙනවා.
– පොලිස් මුර සංචාර පුළුල් කරමින් ප්‍රජා ආරක්ෂාවට විශේෂ පොලිස් රථ යොදවනවා.
– නිත්‍ය නිවාස වෙළඳපොළ දිරිගැන්වීම සඳහා ආදායම් බදුවලින් නිදහස් කරනවා.
– 2021 – 2023 කාලය තුළ දේශීය ආයෝජන ඔස්සේ මෙගා වොට් 1,000ක සූර්ය විදුලි ධාරිතාවක් එක් කිරීම අපේක්ෂා කරනවා.
– ඉදිරි 05 වසර තුළ කෘෂිකර්ම සත්ත්ව හා ධීවර ක්ෂේත්‍රයන් ආදායම් බදුවලින් නිදහස් කරනවා.
– අසත්‍ය බදු වාර්තා සකස් කරන්නනට එරෙහිව නව නීති සම්පාදනය කරනවා.
– දේශීය වාහන එකලස් කිරීම් කර්මාන්තය දිරිගැන්වීමට අමතර කොටස් ආනයයට පනවා ඇති බදු අඩු කරනවා.
– වී පොහොර නොමිලේ ලබා දීමටත් අනෙකුත් පොහොර 50 kg රු. 1500ක සහතික මිලකටත් ලබා දෙනවා.
– එක්වරක් භාවිතකර ඉවතලන පොලීතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන තහනම් කිරීමට යෝජනා කරනවා.
– ගාල්ල, කුරුණෑගල, අනුරාධපුරය, මහනුවර හා මඩකලපුව දිස්ත්‍රික්කවල තාක්ෂණික උද්‍යාන 05ක් ඉදිකරනවා.
– තරුණ තරුණියන්ට නව ව්‍යවසායන් ආරම්භ කිරීමට අවශ්‍ය ණය මුදල් ලබාදීමට අරමුදල් වෙන් කරනවා.
– ආබාධිත රණවිරුවන්ගේ සහ යැපෙන්නන්ගේ සුභ සාධනය සඳහා මිලියන 750ක් වෙන් කරනවා.
– සියයට 6 ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගෙන යාමට අපේක්ෂා කරනවා.
– මිල ස්ථාවර කර ගනිමින් උද්ධමනය 05%ක පවත්වා ගෙන යාමට සැලසුම් කරනවා.
– රජ්‍ය ආදායම් වියදම් අතර ඇති 09%ක පරතරය 04% දක්වා පහත දමනවා.
– නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය තව දුරටත් පුළුල් කරනවා.