2021 වර්ෂය සදහා වන අයවැය ලේඛනය 17 වෙනිදා පාර්ලිමේන්තුවට

November 10, 2020 at 11:06 am | LankaTAB
2021 වර්ෂය සදහා වන අයවැය ලේඛනය 17 වෙනිදා පාර්ලිමේන්තුවට

2021 වර්ෂය සදහා වන අයවැය ලේඛනය මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. COVID-19 අර්බුදය හේතුවෙන් අයවැය දෙවන වර කියවිම සහ කාරක සභා අවස්ථාව දින 11කට සීමා කළ යුතු බවට යෝජනා වී තිබුණද විපක්ෂයේ ඉල්ලීම වන්නේ ඒ සදහා සම්පූර්ණ දින ගණන ලබාදිය යුතු බවයි. ඒ අනුව කාරක සභා අවස්ථාව පවත්වන දින ගණන සම්බන්ධයෙන් අනිද්දා දිනයේදී පාර්ලිමේන්තු කාරක සභාවේ රැස්වීමක් පවත්වා අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

Leave a Comment

Related News