Covid නිසා හුදකලා කර තිබූ ප්‍රදේශ කීපයක් විවෘත කරයි
කෝවිඩ් තත්ත්වය නිසා හුදකලා කර තිබූ ගාම නිලධාරි කොට්ඨාස කිහිපයක් විවෘත කළ බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
කුරුණෑගල නගර සභා සීමාවේ කඩවීදිය සහ ඉලිප්පු ගෙදර ග්‍රාම නිලධාරී කොට්ඨාස හැර, එම නගර සීමාවේ සෙසු සියලුම ග්‍රාම නිලධාරී කොට්ඨාස විවෘත කර තිබෙනවා.
කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ, හම්මලව, ගලගෙදර හා ඉහළ කලුගමුව ග්‍රාම නිලධාරී කොට්ඨාස හැර, එම නගර සීමාවේ සෙසු සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස වල හුදකලා තත්ත්වය ඉවත් කළ බව හමුදාපතිවරයා තවදුරටත් සඳහන් කළා.