Covid-19 නිසා අඩාල වූ අධ්‍යාපන කටයුතු දුරස්ථව කිරීමට ජාතික වැඩපිළිවෙළක්‌ මෙම මස 16 වෙනිදා සිට

November 14, 2020 at 3:45 pm | LankaTAB
Covid-19 නිසා අඩාල වූ අධ්‍යාපන කටයුතු දුරස්ථව කිරීමට ජාතික වැඩපිළිවෙළක්‌ මෙම මස 16 වෙනිදා සිට

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අඩාල වූ අධ්‍යාපන කටයුතු දුරස්ථව සිදු කිරීමට ජාතික වැඩපිළිවෙළක් සංවිධාන කර තිබේ 3 වන පාසල් වාරයට අදාළ දුරස්ථ අධ්‍යාපන වැඩපිළිවෙළක් නොවැම්බර් 16 වැනි දා සිට ආරම්භ වෙයි දැනට ක‍්‍රියාත්මක වන ”ගුරුගෙදර” සහ ”ඊ-තක්සලාව” වැඩසටහන්වලට අමතරව ජාතික රූපවාහිනියේ අයි නාලිකාව සහ නේත‍්‍රා නාලිකාව ඔස්සේ දිනකට පැය 16 ක කාලයක් විකාශය වේ. වැඩසටහන් ආරම්භය පෙ.ව. 4.00 සිට සතියේ දින 7 තුළදීම නිශ්චිත කාලසටහන් අනුව සෑම ශ්‍රේණියක්ම ආවරණය වන පරිදි වැඩසටහන් විකාශය වේ පාසල්වල 3 ශ්‍රේණියේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ ප‍්‍රධාන විෂයන් හා අ.පො.ස. උසස් පෙළ විෂය ධාරා 4 ක් සහ ජනවාරි මස පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන විශේෂ පුනරීක්ෂණ පාඩම් මාලාවක්ද මෙම වැඩසටහන ඔස්සේ ආවරණය කිරීමට අපේක්ෂිතයි මේ සම්බන්ධව දරුවන්ට ඇති ගැටලු සාකච්ඡා කිරීමට අදාළ ගුරුවරුන් සම්බන්ධ කර ගැනීමට 1377 විශේෂ දුරකථන අංකයක් ලබා දී ඇති අතර 0117601702, 071449131 යන දුරකථ අංක ඔස්සේද මේ සම්බන්ධව විමසීම් කළ හැක.

 

Leave a Comment

Related News