PHI ලාට කෙල ගැසූ අටලුගම කොවිඩ් ආසාධිතයා…

December 3, 2020 at 6:06 am | LankaTAB
PHI ලාට කෙල ගැසූ අටලුගම කොවිඩ් ආසාධිතයා…

කොරෝනා වෛරසය ආසාදිතයෙකු විසින් බණ්ඩාරගම අටුලුගමදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බැණවැදී කෙළ ප්‍රහාරයක් එල්ල කිරීම නිසා (03) දින එම ප්‍රදේශයේ සිදු කිරීමට තිබූ PCR පරීක්ෂණ තාවකාලිකව අත්හිටවූ බව බණ්ඩාරගම සෞඛ්‍ය නිලධාරීනී වෛද්‍ය නිමේශා රත්නවීර මහත්මිය පැවසුවා.

එම රෝගියාගේ අටලුගම නිවස අසලට ගිලන් රථයක් සමඟ එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ගිය අවස්ථාවේදී ආවේගශීලිව ඔවුන්ට බැණ බැන වැදී රෝහල් ගත වීම ප්‍රතික්ෂේප කර තිබූ බව එම පැමිණිල්ලේ සඳහන් වෙනවා. ඔහුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා රැගෙන යාම සඳහා මහජන පරීක්ෂක වරුන්ගේ පැමිණීම පිලිබඳ දැනුම්දී තිබුන පසුබිමක මෙය සිදුවී තිබෙනවා.

මේ සිදුවීම අතරතුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නැවත කාර්යාල වෙත පැමිණීමට සූදානම් වීමේදී ආසාදිතයා එකවරම කැබ් රථය අසලට පැමිණ එහි දොර බලහත්කාරයෙන් විවෘත කර “උඹලටත් කොරෝනා හදන්න ඕනේ” යැයි කෑගසා පවසමින් රථය තුළ සිටි නිලධාරීන් දෙසට කෙළ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය පවසනවා.

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනි වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මිය එම සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වුවා.

“Positive රෝගියෙක් අතරමැදි ‍ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යාමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගිලන් රථයක් සමග ගොස් සිටි අවස්ථාවේදී, ඒ රෝගියා විසින් එම ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යෑමට අකමැත්ත ප්‍රකාශ කරමින්, අපගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිල කැබ් රථයට නැඟලා එන්න සූදානම් වන අවස්ථාවේදී, ඔහු විසින් බලහත්කාරයෙන් කැබ් රථයේ දොර විවෘත කරලා කැබ් රථය ඇතුලට කෙළ ගසල තිබෙනවා මේ රෝගී තත්ත්වය අනිත් අයටත් බෝවෙන්න කියලා…”

මෙම සිද්ධියට මුහුණ පෑ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා සහ කැබ් රථයේ රියැදුරුට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස උපදෙස් ලබාදුන් බව වෛද්‍යතුමිය වැඩිදුරටත් පැවසුවා.

මේ සම්බන්ධව බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බුද්ධික මහතාගේ උපදෙස් මත වැඩි දුර පරීක්ෂණ පවත්වනවා.

Leave a Comment

Related News