නැවත රිදී තිරයට එන්නේ කවදාද? ශාරුක් පිළිතුරු දෙයි.

November 8, 2020 at 7:44 pm | LankaTAB
නැවත රිදී තිරයට එන්නේ කවදාද? ශාරුක් පිළිතුරු දෙයි.

කොරෝන වයිරසය නිසා අඩපණ වී ඇති ඉන්දීය සිනමා කර්මාන්තය සහ නව්‍ය සිනමා නිර්මාණය පිලිබඳ සාකච්චා කිරීමට රසිකයන් සමග ට්විටර්හි පැවැත්වූ #AskSRK නම් සැසියකට ජනප්‍රිය ඉන්දීය සිනමා නළු ශාරුක් ඛාන් පසුගියදා සහභාගී උනා.

ඔහු නැවත රිදී තිරයට එන්නේ කවදාද යයි රසිකයෙකු එහිදී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ශාරුක් පැවසුවේ ඒ සඳහා අවම වශයෙන් තව වසරක්වත් ගතවනු ඇති බවයි.

ඔහු අවසන් වරට රඟපෑ සිනමාපටය වනුයේ Zero (2018) ය. බලාපොරොත්තු වූ අදායම් වාර්තා තැබීමට අපොහොසත් වූ එම නිර්මාණයට පසු ශාරුක් ඛාන් ඔහුට ලැබුන චිත්‍රපට ආරාධනා විස්සක් පමණ ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තාවේ.

Leave a Comment

Related News