අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ සංචාරයක් සඳහා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

September 10, 2021 at 12:02 pm | LankaTAB
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ සංචාරයක් සඳහා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

ඉතාලි සංචාරය සඳහා අද (10) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් අගමැතිවරයා ඇතුළු පිරිස ඉතාලිය බලා පිටත්ව ගියා.

ඒ මෙම සංචාරයේ දී G20 අන්තර් ආගමික හා සංස්කෘතික ඉතාලි සමුළුව-2021 (G20 Interfaith Forum Italy-2021) ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම ඇතුළු රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකට සහභාගි වීම සඳහා

විදේශ කටයුතු අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහත්වරු ඇතුළු දූත පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටියා

Leave a Comment

Related News