අද දිනයේ Covid-19 ආසාදිතව සිටි පුද්ගලයින් 465 දෙනෙකුට සුවය
අද දිනය වනවිට Covid-19 සාදිතව සිට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 14,962ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
අද දිනයේ ද පුද්ගලයින් 465 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගිය අතර ආසාදිතයින් 5456 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.
වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ Covid-19 සාදිතයින් ලෙස සැක සහිත රෝගීන් 601 දෙනෙකු ද වෛද්‍ය අධික්ෂණය යටතේ තව දුරටත් ප්‍රතිකාර ලබන බවයි.