ඊයේ දිනයේ Covid-19 ආසාධිතව මරණ 07 ක්

December 6, 2020 at 9:26 am | LankaTAB
ඊයේ දිනයේ Covid-19 ආසාධිතව මරණ 07 ක්

ඊයේ දින තවත් Covid-19 ආසාදිත මරණ 7ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.

ඒ අතර, බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙක් ද සිටින බව සදහන්.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති Covid-19 ආසාධිත මරණ ගණන 137 ක් දක්වා ඉහළ යනවා.

01. බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 91 හැවිරිදි පිරිමි අයෙක්. දෙසැම්බර් 03 දා නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය නිසා ඇතිවූ හෘද රෝගයකි.

02. බන්ධනාගාර රැඳවියෙක් වූ 53 හැවිරිදි පිරිමි අයෙක්. දෙසැම්බර් 01 දා මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය නිසා ඇතිවූ නියුමෝනියා තත්ත්වයයි.

03. දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවක්. IDH හි ප්‍රතිකාර ලබමින් සිටින අතර දෙසැම්බර් 04 දා මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය නිසා ඇතිවූ නියුමෝනියාව යි.

04. බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි කාන්තාවක්. නොවැම්බර් 28 දා නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය සමග ඇතිවූ හෘද ආසාදනය, උග්‍ර පෙනහළු රෝගී තත්ත්වය සහ හෘද රෝගී තත්ත්වයකි.

05. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 84 හැවිරිදි කාන්තාවකි. දෙසැම්බර් 04 දා නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය නිසා ඇතිවූ නියුමෝනියාවයි.

06. වැලිකඩ බන්ධනාගාර රැඳවියෙක් වූ 66 හැවිරිදි පිරිමි අයෙකි. බන්ධනාගාර රෝහලේදී දෙසැම්බර් 02 දා මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය නිසා ඇතිවූ නියුමෝනියා තත්ත්වයයි.

07. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි කාන්තාවකි. IDH රෝහලේදී දෙසැම්බර් 05 දා මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොවිඩ්-19 ආසාදනය නිසා ඇතිවූ නියුමෝනියාව සමග ඇතිවූ බහු ඉන්ද්‍රීය අක්‍රියවීමයි.

Leave a Comment

Related News