ඊයේ තවත් Covid-19 ආසාදිත මරණ 03 ක්, සමස්ත මරණ ගණන 90 යි…

November 24, 2020 at 6:51 am | LankaTAB
ඊයේ තවත්  Covid-19 ආසාදිත මරණ 03 ක්, සමස්ත මරණ ගණන  90 යි…

තවත් කොරෝනා ආසාදිතයන් 03 දෙනකු මරණයට පත්වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ සමගම මෙරට මිය ගිය කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළ ගොස් තියෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වාර්තා කරන ආකාරයට එම මරණ වල තොරතුරු පහත පරිදිවේ.

 

හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචිය 86 හැවිරිදි කාන්තාවක් අයි. ඩී. එච් රෝහලේ දී මිය ගොස් තිබෙනවා. මරණයට හේතුව කොරෝනා ආසාදනය සමඟ ඇති වූ උග්‍ර ආසාදන තත්ත්වයක්.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයකු හෝමාගම මූලික රෝහලේ දී මිය ගොස් ඇති අතර මරණයට හේතුව කොරෝනා ආසාදන නිසා ලේ විෂවීමය.

කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගියා, මරණයට හේතුව කොරෝනා ආසාදනයක් සහ හෘදයාබාධ තත්වයකි.

Leave a Comment

Related News