තවත් 04 ක් මිය යයි , කොරෝනා මරණ සංඛ්‍යාව 87 දක්වා ඉහළ යයි..
කොරෝනා අසාදිත තවත් පුද්ගලයන් 4 දෙනෙකු මරණයට පත් වී තියෙනවා.
ඒ සමගම මෙරට වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 87 දක්වා ඉහළ යයි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද එම මරණ පිළිබද විස්තර මෙන්න.
කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම මිය ගොස් ඇති අතර මරණයට හේතුව කොරෝනා ආසාදනයෙන් ඇති වූ නිව්මෝනියා තත්ත්වය යි.
කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම මියගොස් තිබෙනවා.මරණයට හේතුව නිදන්ගත පෙනහළු රෝග සමග කොරෝනා ආසාදනය උත්සන්න වීමයි.
බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 84දී කාන්තාවක් නිවසේ දී මිය ගොස් ඇති අතර මරණයට හේතුව කොරෝනා ආසාදනය සමග ඇතිවූ නිවුමෝනියාවයි.
කොළඹ 10 පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙකු අයි ඩී එච් රෝහලේ දී මිය ගොස් ඇති අතර මරණයට හේතුව කොරෝනා ආසාදනය සමග නිවුමෝනියාව ඇති වීමයි.