රට පුරා කොරෝනා පොකුරුබිහිවීමේ අවදානමක්….

කොරෝනා පොකුරු දිවයින පුරා තවදුරටත් නිර්මාණය වීමේ අවදානමක් ඇතිබව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
එවන් පොකුරු ආයතන තුළ නිර්මාණය වීම වළක්වා ගැනීමට ආයතන ප්‍රධානීන්ට, කාර්ය මණ්ඩලයට හා ඒවාට එන අයටද, විශාල වගකීමක් ඇති බව ඔහු පවසයි.
එක් සේවකයකු ආසාදිත වූ පසු ආයතනයේ කාර්යය මණ්ඩල සාමජිකයන් විශාල වශයෙන් ආසාදිත වීම සිදු විය හැකි බවද ඔහු වැඩි දුරටත් පවසා සිටිනවා.
දැනටත් එවැනි තත්වයන් පොලිසිය, බන්ධනාගාරය, නාවික හමුදාව වැනි ආයතන තුළ අත්විදිමින් සිටින බවද ඔහු තවදුරටත් පවසයි.