ලංගම මගීන් වෙනුවෙන් කොවිඩ් ආරක්ෂණ අරමුදලක්.
ලංගම බස් රථ භාවිත කරන මගින් වෙනුවෙන් කොවිඩ් ආරක්ෂණ අරමුදලක් පිහිටුවීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව බස්රයේ ගමන් ගන්නා සෑම මගියකුගෙන් අයකරන ගාස්තුවෙන් රුපියලක මුදලක් ඉහත සඳහන් කළ අරමුදලට යොදවන්න බව එහි සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා සඳහන් කළා.
ලංගම බස් රථයක් භාවිතයේදී Covid-19 ආසාදිතයෙකු වුවහොත් ඒ වෙනුවෙන් වන්දි මුදලක් ගෙවීමට මෙම වැඩපිළිවෙළ යටතේ සැලසුම් කර තිබෙනවා යයිද සභාපති වරයා වැඩි දුරටත් සඳහන් කළා.