හෙට උදෑසන ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා ඉවතට
කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 4ක් වන බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව හා කොම්පඤ්ඤවීදිය යන පොලිස් වසම්වලට පනවා ඇති සංචරණ සීමා හෙට උදෑසන 5ට ඉවත් කිරීමට කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 13ක තවදුරටත් හුදකලාභාවය පවතින බව ද යුද හමුදාපතිවරයා තව දුරටත් සඳහන් කළා.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ජා – ඇළ හා කඩවත යන පොලිස් වසම් දෙකේ ද සංචරණ සීමා හෙට උදෑසන ඉවත් කරන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 5ක සංචරණ සීමා තවදුරටත් බලපැවැත්වෙන බව යුදහමුදාපතිවරයා සඳහන් කළා.