ලොව හුදකලාම හස්තියා “කාවන් ” ට නව නිවහනක්.

December 1, 2020 at 12:04 pm | LankaTAB
ලොව හුදකලාම හස්තියා “කාවන් ” ට නව නිවහනක්.

ලෝකයේ හුදකලාම හස්තියා ලෙස සැලකෙන පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර සත්වෝද්‍යානයක රදවා සිටි, ශ‍්‍රී ලංකාවේ කාවන් හස්තියා, ඊයේ ගුවන් මගින් කාම්බෝජයට රැගෙන ගියා.

තිස්පස් වසරක් විවිධ කායික මානසික පීඩාවන්ට ලක්ව සිටි, කාවන් මුදවා ගැනීමට සුප‍්‍රකට පොප් ගායිකා සහ හොලිවුඩ් නිලි ෂර් ඇතුලු සත්ව අවිහිංසා සංවිධානය එක්වුනා.

රුසියානු ජම්බෝ ජෙට් යානයක විශේෂිත කුටියකට ඇතුලු කල කාවන් ඊයේ කාම්බෝජයට ළගා වූ අවස්ථාවේ,හොලිවුඩ් නිලි ෂර් ද ගුවන් තොටුපලට පැමිණ සිටියා.
කාම්බෝජ බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිත් සජ්ජායනා කොට කාවන්ට ආශ්වාද කළ අතර, අද දිනයේ කාවන් උතුරු දිග කාම්බෝජයේ – සියම් රීප් හි අක්කර 25,000 අභය භූමියකට රැගෙන යනු ලබයි.
දිගු ගුවන් ගමනකට පසු සුපුරුදු ගුවන් මගියෙකු මෙන් විශේෂිත බාහාලුමෙන් කාවන් ඉවතට පැමිණි බව, මෙම අවස්ථාව වාර්තා කිරීමට ගිය විදෙස් මාධ්‍යවේදියෙකු පැවසුවා.

Leave a Comment

Related News