උදෑසන 05 ට ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය ඉවතට
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ කිහිපයක් අද උදෑසන 5.00 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණා.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, වෙරළබඩ සහ පිටකොටුව යන පොලිස් වසම් මෙලෙස හුදකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණු බවයි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව සහ රාගම යන පොලිස් බල ප්‍රදේශ ද හුදෙකළා තත්වයෙන් ඉවත් කර තිබෙනවා.