ශ්‍රී ලංකා ආර්ථිකය 3.6 පසුබෑමක -ශ්‍රී ලංකා මහ බැංකුව

May 1, 2021 at 8:12 am | LankaTAB
ශ්‍රී ලංකා ආර්ථිකය 3.6 පසුබෑමක -ශ්‍රී ලංකා මහ බැංකුව

2020 වසර සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව මඟින් මේ බව අනාවරණය කර ඇති ආකාරයට නිදහසින් පසු ශ්‍රී ලංකාවේ විශාලතම ආර්ථික අවපාතය පසුගිය වසරේ වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එමඟින් දක්වා ඇත්තේ පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සෘණ අගයක් එනම් 3.6% ආර්ථික අවපාතයක් පෙන්නුම් කරන බවයි.

පසුගිය වසරේ බලපෑ කොවිඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් දේශීය හා ගෝලීය වශයෙන් පැනවූ බාධක මීට හේතු වී ඇති බවත්
ඉදිකිරිම් හා නිෂ්පාදන ක්‍රියාකාරකම් සැලකිය යුතු පසුබෑමකට ලක්වීම හේතුවෙන් කර්මාන්ත අංශයේ දරුණු පසුබෑමක් දක්නට ලැබුණු බවත් ප්‍රවාහන හා වෙනත් පෞද්ගලික සේවා අඩාල විම හේතුවෙන් සේවා අංශයෙහි සංකෝචනයක් ද වාර්තා වූ බව මහ බැංකු වාර්ෂික වාර්තාවේ තවදුරටත් සඳහන් කරනවා.

මීට අමතරව 2019 වසරේ ඩොලර් 3,852ක්ව පැවති ඒක පුද්ගල ආදායම පසුගිය වසරේදී ඩොලර් 3,682ක් දක්වා පහත බැස ඇති බව ද මහ බැංකු වාර්තාවෙන් අනාවරණය කලා.

Leave a Comment

Related News