පෞද්ගලික බස්රථ සඳහා සහනයක්

පෞද්ගලික බස්රථ සඳහා දෙසැම්බර් මස මුල් සති දෙක සඳහා ලොක් ශීට් සහ පිවිසුම් පත්‍ර ගාස්තු අය නොකරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පෞද්ගලික බස්රථ හිමියන් මුහණ දී ඇති ගැටලු පිළිබඳ අවධානය යොමු කරමින් මෙම තිරණය ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේ.
තවදුරටත් පෞද්ගලික බස්රථ හිමියන් සඳහා ලබාදිය හැකි සහන පිළිබඳව අවධානය යොමුකරන බව ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා
වැඩිදුරටත් සඳහන් කළා.