ඊයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිත මරණ 04ක්
ඊයේ තවත් Covid-19 ආසාධිතව මරණ 4 ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වරයා තහවුරු කර තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත Covid-19 ආසාදිත මරණ සංඛ්‍යාව 122 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මියගිය අය අතර
කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවක්, රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 93 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙලෙස මියගොස් තිබෙනවා.