අද දිනයේ Covid-19 ආසාදිතයින් 487 දෙනෙකු සුවය ලබයි.
මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 18,000 ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අද දිනයේ ආසාදිතයින් 487 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟයි.
ඉන් වැඩිම පිරිසක් කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇති අතර එම සංඛ්‍යාව 157 ක් වනවා.
මෙරට සමස්ත කොවිඩ් නයින්ටින් ආසාදිතයින් 24,532 දෙනාගෙන් 18,304 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.
තවත් ආසාදිතයින් 6106 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබනවා.