ඇඹිලිපිටිය ප්රදේශයේ විදුහල්පතිනියක් අල්ලස් ගැනීම නිසා අත්අඩංගුවට

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ප්රදේශයේ ප්රධාන පාසලක විදුහල්පතිනියක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පළමු වසරට දරුවෙකු ඇතුළත් කර ගැනීම සදහා රුපියල් එක් ලක්ෂ 50,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී මෙම විදුහල්පතිනිය අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසමේ ප්රකාශකයෙකු සදහන් කළේ.
කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව විදුහලේ ක්රීඩා පිටිය අසලදී අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී විදුහල්පතිනිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවටගත් විදුහල්පතිනිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.