මහර බන්ධනාගාරයේ දී තුවාල ලැබූ රැඳවූවෙකු රෝහලේ දී පළා ගිහින්.

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර සිටි රැඳවූවෙකු ඉන් පළාගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රී ඔහු රෝහලෙන් පළාගොස් ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ.
ඒ අනුව අදාළ රැඳවූවා අත්අඩංගුවට ගැනීම සදහා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.