මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාස දෙකකට සංචරණ සීමා

වටවල මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ වැලිඔය – දඩුකැලේ පහළ කොටස සහ ගිනිගත්හේන මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ කෙනිල්වර්ත් වත්ත – බ්ලැක්වෝටර් ඉහළ කොටසට නැවත දැනුම්දෙන තුරු සංචරණ සීමා පනවා තිබෙනවා.
Covid-19 සාදිතයින් වැඩි ප්‍රමාණයක් වාර්තා වීමත් සමග එම තීරණය ගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ක්‍රිෂාන් ප්‍රේමසිරි මහතා සඳහන් කළා.
බ්ලැක්වෝටර් වත්ත ඉහළ කොටසින් ආසාදිතයින් 15ක් සහ දඩුකැලේ වත්ත පහළ කොටසින් ආසාදිතයින් 7 දෙනෙක් වාර්තා වී තිබුණා.