ඇඹිලිපිටිය – රත්නපුර මාර්ගයේ 100 කණුව හංදිය අසල අනතුරක්

December 8, 2020 at 10:24 am | LankaTAB
ඇඹිලිපිටිය – රත්නපුර මාර්ගයේ 100 කණුව හංදිය අසල අනතුරක්

ඇඹිලිපිටිය – රත්නපුර මාර්ගයේ 100 කණුව හංදිය අසල සිදුවු රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

ඇඹිලිපිටිය දෙස සිට රත්නපුර දෙසට ධාවනය වු ලොරි රථයක් හා ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු සහ පසුපැදිකරු ඇඹිලිපිටිය රෝහලට රැගෙන යන අවස්ථාවේ දි මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 17, 18 හැවිරිදි වයස්වල පසුවන ඇඹිලිපිටිය ගගේ යාය ප්‍රදේශයේ දි පදිංචිකරුවන් දෙදෙනෙක්.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු ඇඹිලිපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Comment

Related News