කොළඹ, මරදාන සහ කොම්පඤ්ඤවීදිය අවට ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී පැය 06ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි.

December 11, 2020 at 8:28 am | LankaTAB
කොළඹ, මරදාන සහ කොම්පඤ්ඤවීදිය අවට ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී පැය 06ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි.

කොළඹ, මරදාන සහ කොම්පඤ්ඤවීදිය අවට ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී පැය 06ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

අද රාත්‍රී 10.00 සිට හෙට අලුයම 4.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සදහන් කළේ.

ඒ අනුව ඩීන්ස්පාර, ඩාලි පාර ඇතුළු සියලු අතුරු මාර්ග, මීට අමතරව වොක්ෂෝල් වීදිය, වොක්ෂෝල් පටුමග, ඉබ්බන්වල හංදියේ සිට කොම්පඤ්ඤවීදිය දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සදහන්.

එමෙන්ම යුනියන් පෙදෙසේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මාවත සහ ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ග සදහා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජලාපවහන මණ්ඩලය සදහන් කළා.

මහ කොළඹ ජල හා අපජලය කළමනාකරණ වැඩි දියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ බෙදාහැරීමේ පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.

Leave a Comment

Related News