අද දිනයේ කාළගුණ තත්ත්වය
සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක උදය කාලයේ දී සිහින් වැසි ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.