පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ අද සිට විවෘතයි

පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ අද සිට තොග වෙළෙදාම සදහා පමණක් සෑම දිනකම පස්වරු 4 සිට රාත්‍රී 12 දක්වා විවෘත කිරීමට නියමිතයි.
එහෙත් යෝජිත නව වේලාවලට තම අස්වනු සැපයීම දුෂ්කර බව පවසමින් උඩරට සිට මැනිං වෙළෙඳපොළ දක්වා තොග ප්‍රවාහනය කරන ලොරි රථ හිමියන් සහ වෙළෙඳුන් එම කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.