මහව පහල බලල්ල දේවාල හංදියේ අනතුරක්, දෙදෙනෙකු මරුට

December 16, 2020 at 11:16 am | LankaTAB
මහව පහල බලල්ල දේවාල හංදියේ අනතුරක්, දෙදෙනෙකු මරුට

මහව පහල බලල්ල දේවාල හංදිය ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් මවක් සහ ඇගේ කුඩා දරුවා මියගොස් තිබෙනවා.

පාදෙණිය සිට අනුරාධපුර දෙසට ධාවනය වු කැබ්රථයක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි මවකගේ සහ දරුවෙකුගේ ගැටී අනතුර සිදුව තිබුණා.

අනතුරින් බරපතල තුවාල ලැබු මව සහ දරුවා මහව රෝහලට ඇතුළත් කිරිමේ දි මියගොස් තිබෙනවා .

මියගාස් ඇත්තේ 32 හැවිරිදි බලල්ල ප්‍රදේශයේ පදිංචි මවක් සහ ඇගේ වයස අවුරුදු තුනහමාරක් වන කුඩා දරුවායි.

අනතුර සිදුවන අවස්ථාවේ කැබ්රථයේ 11 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් 08 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා .

රියදුරු හා තවත් පිරිසක් පළාගොස් ඇති අතර ඔවුන් සොයා මහව පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය සදහන් කළා.

Leave a Comment

Related News