අද දිනයේ කාළගුණ තත්ත්වය

December 26, 2020 at 7:29 am | LankaTAB
අද දිනයේ කාළගුණ තත්ත්වය

උතුරු,නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (26) රාත්‍රී කාලයේ සිට බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කරනවා

සබරගමුව සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකිය.

Leave a Comment

Related News