වව්නියාව මුලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලයේ 27 දෙනෙකු ස්වයං නිරෝධායනයට

December 27, 2020 at 6:56 pm | LankaTAB
වව්නියාව මුලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලයේ 27 දෙනෙකු ස්වයං නිරෝධායනයට

වව්නියාව මුලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලයේ 27 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රෝගීන්ට සිදුකළ පි.සි.ආර් පරික්ෂණ වලදි එක් අයෙකු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ටී.කාන්දීපන් මහතා සදහන් කළේ.

මේ හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ සේවය කළ වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩල සමාජිකයින් 27 දෙනෙකු ස්වයං නිරෝධායනට යොමුකර තිබෙනවා.

ඉන් 11 දෙනෙකු අනුරාධපුර ප්‍රදේශයේ සංචාරක හෝටලයක ස්වයං නිරෝධායනට යොමුකර ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවා.

Leave a Comment

Related News