රුපියල් මිලියන 50ක කේරළ ගංජා අත්අඩංගුවට

රුපියල් මිලියන 50ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් කන්කසන්තුරය වෙරළ ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.
කන්කසන්තුරෙයි කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවකදී අදාල ගංජා තොගය සොයාගෙන තිබුණා.
පොලිසිය පැවසුවේ එහිදී පාර්සල් 174ක අසුරා තිබූ කේරළ ගංජා කිළෝ ග්‍රෑම් 360ක් සිය භාරයට ගත් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.