නිවසක බිත්තියකට යටවී කුඩා දරුවෙකු මරුට

December 29, 2020 at 11:58 am | LankaTAB
නිවසක බිත්තියකට යටවී කුඩා දරුවෙකු මරුට

මාවතගම පිටකන්ද ජනපදය ප්‍රදේශයේදී නිවසක බිත්තියකට යටවී කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා.

පැරණි නිවසක බිත්තියක් කඩා ඉවත් කරමින් සිටියදී එම බිත්තියේ කොටසක් අසල සිටි කුඩා දරුවෙකුගේ සිරුර මතට කඩා වැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ එම දරුවා මාවතගම රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ පිටකන්ද ජනපදය, වෑඋඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 08 හැවිරිදි ළමයෙක්.

පශ්චාත් මරණ පරික්ෂණය අද සිදු කිරිමට නියමිත අතර මාවතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Leave a Comment

Related News