ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි මස 05 වැනිදා සිට 08 වැනිදා දක්වා

ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි මස 05 වැනිදා සිට 08 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව රැස්වීම් සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය සදහන් කළේ.
නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති මෙම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ජනමාධ්‍යවේදීන්ට නැවත පාර්ලිමේන්තු කටයුතු වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු සංකිර්ණයට ඇතුළු වීමට අවසර දීමටද තීරණය කර තිබෙනවා.
ඒ අනුව Covid-19 රෙගුලාසීන්ට අනුව සකස් කළ මාර්ගෝපදේශයන් යටතේ පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමි වනවා.
මෙහිදි ජනවාරි 05 වන අඟහරුවාදා සිට ජනවාරි 07 වන බ්‍රහස්පතින්දා දක්වා පෙරවරු 10.00 සිට පස්වරු 4.40 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
එමෙන්ම ජනවාරි 08 වන සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වන්නේ පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය සදහන් කළේ.