ගතවූ පැය 24 තුළ සිදු වූ රිය අනතුරුවලන් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට

ගතවූ පැය 24 තුළ සිදු වූ රිය අනතුරුවලන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, පසුගිය දෙසැම්බර් 20 වනදා සිට මේ දක්වා කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 74 දෙනෙකු මියගොස් ඇති බවයි.
එම කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 149 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවද අජිත් රෝහණ මහතා සදහන් කළා